රෝග ලක්ෂණය |
දෝෂය |
ගත යුතු ක්‍රියා මාර්ගය |
බීමෙන් කිසිදු රසයක් හෝ තෘප්තියක් නොලැබීම. කමිසයේ ඉදිරිපස තෙත්වීම. |
බොන වේලාවේදී කට නිසි පරිදි විවෘත නොවීම හෝ මුහුණේ වැරදි තැන වීදුරුව තබාගෙන සිටීම | තවත් ෂොට් එකක් මිලදී ගන්න. කණ්නාඩියක් ඉදිරිපසට ගොස් තාක්ෂණය නිවැරදි වන තුරු සෑහෙන වාර (ෂොට්) ගණනත් පුරුදු වෙන්න. |
බීමෙන් කිසිදු රසයක් හෝ තෘප්තියක් නොලැබීම හා බියර් අසාමාන්‍ය ලෙස පැහැදිලි හා සුදුමැලි පාටකින් යුක්ත වීම. |
වීදුරුව හිස්. |
ඔබ සඳහා තවත් ෂොට් එකක් මිලදී ගන්න හැකි අයෙක් සොයා ගන්න. |
පාදවලට සිසිලසක් හා තෙත් ගතියක් දැනීම |
ඔබ වීදුරුව වැරදි අතට අල්ලාගෙන සිටී | විදුරුවේ විවෘත කෙළවර සීලිම දෙසට වන සේ අල්ලා ගන්න. |
බා(ර්) එක බොඳවී පෙනීම | ඔබ බලා සිටින්නේ හිස් වීදුරුවේ පතුළ තුළිනි. | ඔබ සඳහා තවත් ෂොට් එකක් මිලදී ගන්න හැකි අයෙක් සොයා ගන්න. |
පාදවලට උණුසුමක් හා තෙත් ගතියක් දැනීම |
ඔබගේ ස්වයං පාලනය ගිලිහී යාම. | ලඟම සිටින බල්ලා අසලට යන්න. ටික වෙලාවකින් බල්ලාගේ නොහැදියාව ගැන හිමිකරුට පැමිණිලි කරන්න. අලාභය ලෙස තව ෂොට් එකක් ඉල්ලා සිටින්න. |
බා(ර්) එක ගමන් කරයි. |
ඔබව කිසිවකු ඔසවාගෙන යනු ලබයි. | ඔබව ඔසවාගෙන යනු ලබන්නේ තවත් බා(ර්) එකකට දැයි බලන්න. එසේ නොමැති බව හැඟී ගියහොත් පැහැරගෙන යන බවට හයියෙන් කෑ ගසන්න. |
ඔබ ඉදිරිපස බිත්තියේ සිවිලින් ෂීට් සවිකර ඇති බව හා ටියුබ් ලයිට් සවිකර ඇති බව පෙනෙයි. |
ඔබ උඩුබැලි අතට බිම වැටී සිටී. | කාගේ හෝ උදව්වෙන් කෙලින් වෙන්න. වීදුරුවේ ඉතිරි තිබේ නම් වහා එය පානය කරන්න. නැතහොත් තව එකක් ගන්න. |
හැම දෙයක්ම බාගෙට අඳුරුවී ඇති බවක් පෙනේ. කටේ දත් අතර සිගරට් කොට පිරී ඇති බවක් හැඟේ. |
ඔබ මුනින් අතට බිම වැටී සිටී. | උඩුබැලි අතට බිම වැටී සිටින ආකාරයටම අනුගමනය කරන්න. |
ඔබේ ඇඳ මෙතරම් තද සීතල හා තෙත ගතියෙන් යුක්ත ඇයි දැයි බැලීමට ඔබ නින්දෙන් ඇහැරෙයි. ඔබට නිදන කාමරයේ බිත්ති හෝ සීලිම නොපෙනෙයි. |
ඔබ කාණුවේ රාත්‍රිය ගතකර ඇත. | වහා ඔරලෝසුව ගෙන කාණුව විවෘත කරන වේලාව දැයි බලන්න. එසේ නොමැති නම් සිටින ආකාරයෙන්ම වැතිරී සිටින්න. |
හැම දෙයක්ම එකවර අඳුරු වෙයි. |
බා(ර්) එක වසනු ලබයි. | ඔබ සන්ත්‍රාසයට හා හදිසි තැති ගැනීමක් බලාපොරොත්තු වන්න. |