Thursday, January 17, 2013

NDT – BSc ප්‍රශ්න and කුහක කම

attached.


මම NDT කාරයෙක්…දැන් වයස 40…….. මගේ දිස්ත්රික්කය cutoff වැඩි එකක් නිසා මට BSc (Engineering ) යන්න බැරි උනා….. ඒත් field එක ගැන තිබ්බ ආසාව නිසා Physical (BSc) නොකර NDT ගියා……… ගිහින් එතන තිබ්බ හැම පහසුකමකින්ම උපරිම ප්‍රයෝජන ගන්න ගමන් ඉන්ජිනේරු ආයතනයේ විභාග පාස් කරලා BSc එකට සමාන සුදුසුකම් ඇති පිළිගත් ඉනජිනේරුවෙකු බවට පත් උනා…… එහෙම කරන කොට NDT කරන අපේම උන් ඉරිසියා කළා…. උන් හුග දෙනෙක් JVP කරපු අය…අනිත් පැත්තෙන් BSc කරන මගේම යාලුවෝ කැපිලි දැම්ම..පහත් කරලා .කතා කළා …මට සමාන්තර BSc batch එකේ භාගෙකට තිබුනේ මගේ AL ලකුණුවලට අඩු ලකුණු ……….මම ඉංජිනේරුවෙක් විදියට වැඩට ගියා …. මොරටුවේ BSc අය කරදර කලා ….Pera උන් නම් එහෙම කලේ නැහැ…මම apply කරපු හුඟක් MSc වලින් මාව ඉන්ටර්විව් එකේදිම නෝන්ඩි කලා ලංකාවේ විශ්ව විද්‍යාල වල සමහර ගුරුවරු……… අන්තිමට මම MSc එකක් කළා …එකේදී ඉහලම දක්ෂතා පෙන්නුවා ……සමහ‍ර BSc අය එතනදිත් කැපිලි දැම්ම………….අද මම පිටරටක ඉහලම Consultant කෙනෙක් …PHd එකකුත් මේදවස්වල කරනවා …….

… මෙහෙ ඉන්න LTTE උන් එක්ක මම තදින් හැප්පෙනවා……එතැනදී සුද්දෝ මට කැමති නැහැ නමුත් උන් මගේ දක්ෂකම එක්ක ඒවා පටලව ගන්නේ නැහැ…..මගේ මව් රටින් පිට ඉන්න එකේ මට කිසි සතුටක් නැහැ….ඒත් මගේ දරුවෝ මම වින්ද නිග්‍රහ ලබනවට මම කැමති නැති නිසා මෙහෙ ඒ අයට උගන්වනවා…. BSc කරපු මගේ සමහර පාසල් යාලුවෝ තවමත් මට සල කන්නේ උන්ගේ මට්ටමට වඩා පහල කෙනෙක් විදියට…. අපහු හැරිලා බලද්දී මට මගේ රටේ උන්ගේ කුහක කම ගැන මාරම වේදනාවක් දැනෙනවා….. NDT – BSc ප්‍රශ්න ඇති උන හැම වතාවේම මිනිස්සු කියන ඒවා ඇහුවම මගේ වේදනාව අලුත් වෙනවා…. මෙම comment එකෙනුත් ඒක උනා ….මුලින් මම මේකට බැනල ලියන්න හිතල පස්සේ මගේ කතාව කිව්වනම් නියම උත්තරය වේවි කියා හිතුව…. අන්තිමට මට කියන්න තියෙන්නේ මනුස්සයෙක්ගේ සමස්ත ජීවිතය විභාගේ ලංකුනු වලින් මනින කුහක හැතිකරය ඉන්නතක කල් මගේ රටට ඉදිරියට යන්න ලැබෙන්නේ නැති බවය් …….. නිමම්ම හිස් වුර්තිකයන් නොව මිනිසුන් බිහිකරන අද්යාපනයක් ඇති නොකරන තාක් කල් ඔය කුහක කම නැතිකිරීම බොරුවකි……. මෙය වෛද්‍ය, නීති යනාදී සියලුම ක්ෂේස්ත්‍ර වලට අදාලය

- Nalaka
extracted from a comment from Gossip Nine 

2 comments:

  1. "හීනමානෙයේ අසීමිත පීඩනය දරාගත නොහී අපි පුපුරා ගියෙමු... ඉමහත් කැප කිරීම් කොට විභාග සමත් වී පැමිණ, ලෝකයට යමක් කල ඉංජිනේරු සිසුන්ගේ දක්ෂතා නිසා ගොඩ නැගුනු මොරටුව විශ්ව විද්‍යාලයේ කීර්ති නාමය පිටෙ ගාසා ගන්න දවස් අවසන් වෙ යැයි දැනුන බයේ පීඩනය දරාගත නොහී අපි පුපුරා ගියෙමු.... දේශපාලනයට යටවී බොරුවට උඩ පනින් අයගේ ඇත්ත නැත්ත තේරුම් ගන්නා පිරිස වැඩිවී ආ නිසා අපි පුපරා ගියෙමු... මතූ දිනක ඉංජිනේරුවා හා තාක්ෂණ නිලධරුවා සියලු භේද පසෙක ලා එක්ව රට ගොඩනගනු ඇතැයි යන බිය නිසා පීඩනය දරාගත නොහී අපි පුපුරා ගියෙමු...." අර සිරසේ ඉදපු නායක සහෝදරයා කියපු මෙ ටික දාන්න සිරසට අමතක වෙලානේ..

    ReplyDelete
  2. "මේ තිරිසන් වැඩ වලට සම්බන්ද නැති හොද හිතක් තියන NDT සොයුරනේ ....සමාවෙයන් දහස් වාරයක් උබලගෙ හිත රිදුනනම්....... "

    උබල දැන ගනිල්ලා....උබල ඊයේ කරපු තිරිසන් වැඩ අපිත් කරානම් අපිටත් තිබ්බා උබලගේ තනි වුනු සේරම එවුන් ගිය වලිය වෙලාවෙ මරලම දාන්න. එත අපේ එවුන් ඊට වඩා මානුෂිකව හිතනවා...උබලා එදා කරේ උබලගෙ එවුන් ඇතුලෙ ඉද්දිත් උබල බයෙන් පැනල ගියපු එක. එත් අපේ එවුන් එදා උබලා බලු වැඩේ කරපු උබලගේම උන්ටත් පාඩුවේ ඉන්න දුන්නා. එත් දැනගනිල්ලා දැන්...campus එකට නෙවෙයි,LTTE එකට ගැලපෙන උබලගෙ මානසිකත්වය දැන් රටම දන්නවා. උබල අපේ තත්ත්ව ඉල්ල ඉල්ලා කෑ ගැහුවට අපෙයි උබලගෙයි වෙනස රටම දන්නවා.ඒ නිසා දැන්වත් අපි NDT ENGINEERS කියන එක නවත්තලා උබලගෙ ඇත්තම තත්වය වෙන අපි TECHNICIANS කියන එක කියපල්ලා.මොකද ඕනෑම පුංචි ළමයෙකුට අම්ම කෙනෙක් කියන්නේ "පුතේ doctor කෙනෙක් හරි engineer කෙනක් හරි වෙන්න කියලා.ඒ මේ වෘත්තීය සමාජයේ ගව්රවයක් තියන නිසා.. උබලගෙ තිරිසන් කම වලින් මේ වෘත්තීය කැත කරන්න එපා. මොකද අද Technician උනත් කව්රුහරි උබලගෙ ළමයෙක් Engineering වලට සුදුසුකම් ලැබුවොත් අ අහිංසක ගෞරවය තියාගන්න ඉඩ දීපන්. නැති Engineer පට්ටම් උබල අරගෙන ඒවගෙන් එව්නුත් විදවන්න වෙන නිසා.

    A comment copied from Gossip9 article...

    ReplyDelete