Friday, July 10, 2009

මහින්ද චින්තනය ..

චින්තනය යන වචනය කරලියට පැමිණියේ ජාතික චින්තන මතවාදයේ නැගීමත් සමඟිනි. මහින්ද චින්තනය මතින් එය ජනප්‍රිය දේශපාලන ප්‍රවාහයට ඇද දමනු ලැබිණි. එනිසා අද සමාජය චින්තනය නමින් අනන්‍යවූ දෙයක් තමන්ට ඇතිබවත්, එහි වටිනාකමත් ක්‍රමක්‍රමයෙන් තේරුම්ගනිමින් සිටිති. තමන්ට යමක් තිබෙත්දීත් එන නොදන්නේ නම් අන්‍යයන් එය සොරාගෙනයනු විනා මුදලට ගැනීමට වෙහෙස නොවේ. නමුත් තමන්සතු දෙයෙහි අගය දන්නේ නම් අන්‍යයන් එයට මිලක් නියම කරනු ඇත. චින්තනයට මිලක් නියමකල හැක්කේ ඊනියා සංවර්‍ධන ආධාර වලින්වත්, සම්බාධක වලින්වත් ‍නොව අවියෙන් බව බටහිරයන් හොඳින් දන්නා කරුණකි.

“එල්ටීටීඊ ත‍්‍රස්තවාදය විනාශ කරන්නට බැහැ” කියු පිරිස සංඛ්‍යාවෙන් ඉතා විශාල වූහ. ඉන් බහුතරය මේ ත‍්‍රස්ත සංවිධානය විමුක්තිකාමීන් ලෙසින් ද සැලකූහ. අපේ රටේ ප‍්‍රශ්නය බේරන්නට ආවේ ලංකා පොළව ගැන හෝ ඉන් ඉහළ අහස ගැන හෝ හැඟීමක් දැනීමක් නොමැති පරදේසක්කාරයන් ය. දෙපාර්ශවය සමගි කිරීම තම අරමුණ යැයි පැවසූ මේ අවස්ථාවාදීන් වැඩිපුරම උත්සාහ කළේ මේ දේශයෙන් කොටසක් කඩා ත‍්‍රස්තවාදීන්ගේ නමට ලියා දීමටය.

බටහිරයන්ට ලංකාවේ දැන් තියන ප්‍රධානම ප්‍රශ්ණේ තමයි මහින්ද චින්තනය. ඉතින් ඔවුන් කල්පනාකරන්නේ මේ මහින්ද චින්තනය ගෙදර යවලා ආයෙත් වතාවක් පරගැති චින්තනයක් මේ රටේ රජ කරවන්නේ කොහොමද කියලා. මහින්ද මේ විධියට සාමෙ කලොත් නම් ආත්මෙකට එලවන්න බැරි නිසා යුද්දෙකට ඇදලා දාලා කෑගහන්න හදන්නේ මෙන්න මිනී මරනවෝ කියලා. ඊට පස්සේ මේ රටේ ඉන්න අවජාතක එන්ජීඕ කාරයෝ ටිකයි ඊනියා ජාත්‍යන්තර ජනමාධ්‍යයයි එකතු වෙලා මානව හිමිකම් ආදී නොයෙක් ගජබින්න කියාගෙන රට පෙරලන්න හදාවි. රටට වඩා බඩ ගැන හිතන නායකයෝත් අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ඔකනේ අපි කිවිවේ, අපිට කරන්න දුනනෙත් නෑ නේ කියලා කියාවි. බඩු මිලත් ටික ටික ගනන් යන අතරම ආධාරත් සීමාකරලා මිනිස්සුන්ට පීඩනක් දැනෙන්න ඇරලා රට පෙරලන්න හදාවි.

ජනතාව ප්‍රශ්ණය තේරුම් අරගෙන අවස්තාවාදීන්ටත් බටහිර මංකොල්ලකාරයිටවත් කඩේ යන්නේ නැතුව ජනාධිපතිතුමාට ශක්තිය ලබාදුන්නොත් අපට ජයගන්න හැකිවෙනවා නියතයි..

1 comment:

  1. Thoge achchige redda thamai. gona unata "umbaa" kiyanda epa bn.

    ReplyDelete