මං ලංකාව ගැන බලාපොරොත්තු අත්ඇරගෙනයි හිටියෙ. මෝඩකම දිහාවට රට පෙරලීගෙන යන වේගය ආයිමත් කොයිම විදිහකින් වත් නවත්තන්න පුළුවන් වෙයි කියල මං හිතුවෙ නෑ. ඒකට වැඩියෙන්ම හේතුවුනේ ලංකාවෙ බුද්ධිමත් යැයි හිතෙන අතලොස්සක් දෙනා පවා ඒ අඳුර තදටම බදාගෙන හිටිය හින්ද. ඒක ජාතිවාදී හෝ වෙනයම් ඒ අයගෙ මතවාදයක් ගැන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ මතවාදය තාර්කිකව සංවාදයකට ගන්න පවා බැරි ආගමිකත්වයක් එතන තිබ්බ. ද්රෝහියාද පේ්රමියද කියන තැනට තීරණය තල්ලූ වුණා.
අනිත් පැත්තෙන් දරුණු විදිහට හැමදෙයක්ම හැමතැනක්ම මිලිටරීකරණය වෙන්න පටන් ගත්තා. ඇ`ග හිරි වැටෙන ගානට මිනිස්සු ඉවක් බවක් නැතුව වැලිපාර්ක් වල දුවන්න පටන් ගත්තා. මේ කියන්නෙ හමුදාවෙ අයගෙන් සිවිල් ශ්‍රම බලකායක් හදපු එක අවුලක් කියල නෙමෙයි. ඒක තමයි අපේ වගේ රටක අර වගේ යුද්ධ උන්මාදයකින් පස්සෙ හමුදාවක් පුනරුත්ථාපනය කරන්න තිබ්බ එකම විදිහ. වෙනසකට තියෙන්නෙ අපි සොල්දාදුවො විතරක් නෙමෙයි සෙන්පතියොත් පුනරුත්ථාපනය කරපු එක. හැබැයි ඒක හොඳක්.
ඒත් රට ටික ටික ස්ටෙරිලයිස් වෙන්න පටන් ගත්තා. මිනිස්සු විචාරයක් විභාගයක් නැතුව ඕනම නීතියක් අණක් විදිහට පිළිපදින්න ගත්තා. සෞඛ්‍ය මානසිකත්වය වුණත් ආණ්ඩුවෙන් නොකියා කරපු පැනවීමක්. හැමෝම දුවන්න ඕන. ඒ විතරක් නෙමෙයි මිනිස්සු අණක් බලාපොරොත්තුවෙන් බලන් ඉන්නත් ගත්තා. ජනාධිපති කෙනෙක් වෙනුවට රජ කෙනෙක් ඕන කිව්වා. අනාගතය අත්ඇරලා අතීතෙට ගියා. රාවණා ඇවිල්ලා ඔක්කොම විසඳනකල් බලාගෙන හිටියා. ලෝකෙන් උතුම්ම රට වුණා.
ඒ රටේ ජනාධිපති පවා තීරණ ගත්තෙ ජ්‍යොතිෂයට අනුව. කේන්දරකාරයො රටේ වඩා දැනුවත්ම පිරිස වුණා. ජ්‍යොතිෂය ඇත්තද බොරුද වගේ කතා පවා අහෝසියි. කේන්දර පත්තර පිටින් ප්‍රින්ට් වුණා. විශ්ව විද්‍යාල පිටින් සිල් සමාදන් වුණා. ඒක තනිකරම පිස්සුවක්.
අධ්‍යාපනය බල්ලට ගියා. හිතනවා කියන එක වචනයක් විතරක් වුණා. එකපාරටම රටේ සංස්කෘතිය අතුරුදන් වුණා. මං හිතන්නෙ සංස්කෘතිය කියන්නෙ අතීතෙට නෙමෙයි වර්තමානයට කියල නිර්වචනයක් විදිහට අපිට ඉගෙන ගන්න සිද්ද වුණා. ජනතාව අතීතෙට පිටමං කරලා මංපහරන්නො ටිකක් රටක් කොල්ලකෑවා. කසිප්පුකාරයො ටිකක් පන්සල් ටික බින්දා. උගත් බුද්ධිමත්තු ඒ අය ආරක්ෂා කළා.
එකපාරටම ජ්යොතිෂකාරයො ටිකක් ජනාධිපතිවරණයක් කෝල් කළා. සෙනසුරු මාරුවක් වුණා. හැමදෙයක්ම එකමොහොතකින් වෙනස් වෙන්න පටන් ගත්තා. විවිධ පිරිස් සංවිධානය වුණා. පළවෙනියටම වැදගත් දේ ආණ්ඩුවේ ත්රස්තවාදයට බය නැතුව කෙලින් හිටගත්ත එක. කිසි කෙනෙක් මේ ආණ්ඩුවට කිසි දෙයක් කියන්න පුළුවන් කියල විශ්වාස කරපු මොහොතක් නෙමෙයි ඒක. මාධ්‍ය ඔක්කොමත් උසාවියත් ආණ්ඩුව බද්දට අරගෙනයි තිබුණෙ.
ඒත් එකපාරට සංවාදයක් පැන නැග්ගා. මාර්ක් සකර්බර්ග් කැරැල්ලෙ පෙරමුනේම හිටියා. ජාතිවාදී, ආගම්වාදී කඩුපොලූ නඬේ ෆේස් බුකියෙන් ගහලා පැන්නුවා. ප්‍රධාන මාධ්‍ය වල බලය කොහොමත් දියාරු වෙමින් තිබුනෙ. ඒ වෙනුවට ඩිජිටල් මාධ්‍ය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය පටන් අරන් තිබුන. කිසි කෙනෙකුට පාලනය කර ගන්න බැරි විදිහට අදහස් හුවමාරු වෙන්න ගත්තා. කතිකා ගොඩනැගුන. ව්‍යාපාර ඇති වුණා.
අපි දැන් ඉන්නෙ එතන. මං ලංකාවෙ කවදාවත් සිද්ද වෙයි කියල නොහිතපු තැන. පොතක් පතක් කියවලා ඇති කියල හිතෙන කිසි කෙනෙක් මහින්දට පක්ෂ නොවෙන ගානට ජනතාව මාරු වුනේ ක්වොන්ටම් පිම්මකින්. දුර්වල චරිතයක් විදිහට රනිල්ව බයිට් එකට ගන්න බලන් හිටපු රාජපක්ෂලාට හක්ක මාට්ටු වුනේ අයිස්කන්දෙ යට ටික නොදැක්ක හින්ද. ඒක තරු වලින් විස්තර කරන්න බැරි දෙයක්.
ආණ්ඩුව ඇතුලෙ දෙකේ කොලේට වැටිලා උඩ දදා ගගහා හිටපු හැම පක්ෂයකටම, චරිතයකටම හෙට්ටු කරන්නත් ලොකු අවස්ථාවක් ලැබුන. හැම පොඩි කෑල්ලක්ම අතිශය වැදගත් මොහොතක් ආවා. හෙළ උරුමය බොදු බලේට විරුද්දව තමන්ගෙ තුරුම්පුව පාවිච්චි කළා. රනිල් අයින් වෙලා පොදු අපේක්ෂකයෙක් ගැන කතාවක් එලියට ආවා.
පොදු අපේක්ෂකයා ඇත්තටම වැදගත් වෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන හින්ද නෙමෙයි. ජනතා ප්‍රයෝගයක් විදිහට එහෙම එකක් කිව්වට කමක් නෑ. ඒත් විධායක ජනාධිපති ක්‍රමය ඇත්තට අහෝසි කිරීම අපේ වගේ රටක ගොඩක් නරක ප්‍රතිඵල ඇති කරන්න පුළුවන්. පාලකයන්ගෙ පැත්තෙන් නෙමෙයි. පුරවැසියන්ගෙ පැත්තෙන් (එහෙම ඉන්න සුළුතරේට)
බහුතරය කියන එකේ මතය කවදාවත් වඩා ප්රගතිශීලී එකක් වුණේ නෑ. අපේ වගේ රටක ඒක අනාතයි. ප්රජාතන්ත්රවාදයක වඩා වැදගත් බහුතර කැමැත්ත නියෝජනය වෙන එක නෙමෙයි. සුළුතර හ`ඩ පවා ඇහෙන එක.
අවුල් සහගත ජනතා නියෝජනයකින් තේරෙන නියෝජිත පිරිසක් කෙළින්න ඉඩ තියෙන පිස්සු ගැන කල්පනා කරද්දි අඩුම තරමෙ ඉහළම විධායක පුටුවවත් පාවිච්චි කරලා තත්වය පාලනය කර ගන්න පුළුවන් වෙන එක වටිනවා. ඒ පිස්සුව කොයිතරම් වෙන්න පුළුවන්ද කියල අපිට පෙන්නුවෙත් මේ ආණ්ඩුව. අනෙක් අතට ක්‍රමය වෙනස් වුණාට මේ පත්වෙන මිනිස්සුන්ගෙ වැඩි වෙනසක් වෙන්නෙත් නෑ.
උදා විදිහට සිංහල බෞද්දකම වගේ පිස්සුවක උවමනාවන් ලේසියෙන්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. බලපෑමක් ඇති කළ හැකි තීරණාත්මක ජනතාව සුළුතරයක් හින්දම මේ බහුතරයක පටු මෝඩ ක්රියාකාරීත්වයන් පාලනය කරන එක අනිවාර්යෙන්ම අමාරුයි. ඒත් විධායක ක්‍රමය තියෙද්දි ඉතාම සුළු පිරිසකගේ අදහසක් වුණත් ඇහෙන්නට සැලැස්වීමේ ඉඩකඩ වැඩියි. පාර්ලිමේන්තුවට වග නොකීමම මෙතනදි යම් ස්වාධීනත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාරණයක් වෙනවා.
මට අනුව විධායක ක්‍රමය අහෝසි කරන්න පුළුවන් මට්ටමට ලංකාව තාම ඇවිත් නෑ. මේක මහින්ද පක්ෂපාතී කියමනක් නෙමෙයි. ඒත් නිකම්ම නතුවෙන, විචාර බුද්ධියෙන් හීන, පැසිව් බහුතරයක් අතරෙ ඔලූව බේරගෙන ස්වාධීනව ජීවත්වෙන්න, විවිධ මතවාද, විවිධ සංස්කෘති එකට පවතින්න, බහුතරය කියන පරණ ගෝනියෙන් හැමදෙයක්ම වැහිලා නොයන්න, විධායක ක්‍රමය වඩාත් ආරක්ෂාකාරීයි. අනෙක් පැත්තෙන් ඒක දේශපාලනිකව සාමූහවාදී අදහසක් වෙනුවට වඩා පුද්ගලවාදී අදහසකට ළ`ගයි. ඒක සිතීමක් විදිහට දියුණුයි. අපි යෝජනා කරමින් ඉන්නෙ නැවත ආපස්සට යාමක්.
කරන්න ඕන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය වඩා ස්වාධීන කරන්න පුළුවන් තත්ව ගොඩනගා ගන්න එකයි. ඒ හරහා තුලනයෙන් වඩා සවිඥාණක ප්රජාතන්ත්රවාදයක් ක්‍රියාවට නගන්න උත්සහ ගන්න එකයි. මේ වෙනස්කම් ඇති කරන්න ජනතාව පෙළගස්සන එකෙන් අපිට පුරවැසියො ටිකක් ඇති කර ගන්න පුළුවන් වෙනවා.
තවත් පැත්තකින් බැලූවොත් මේ වෙද්දි මාධ්‍ය චැනල් වලින් රටේ දේශපාලනය ඩැහැගනිමින් තියෙනවා. තවදුරටත් ජනතාව දන්නෙ ඇත්ත දේශපාලනය නෙමෙයි. මාධ්‍ය වලින් සංස්කරණය කළ දේශපාලනය. උදා විදිහට හිරු මාධ්‍යයේ සීඅයිඒ එක ගණිකාවො, කංසා හේන් අල්ලන්න එච්චර උනන්දු වුණාට කුඩු වෙළෙන්දො අල්ලන්න උනන්දු නොවෙන්නෙ එහෙම අය රටේ නැති නිසා නෙමෙයි. සිරස මේ වෙද්දි මාධ්‍ය කොම්පැනියක් විදිහට රටේ දේශපාලනයට දරුණු බලපෑමක් කරනවා. සිරසෙන් දේශපාලන චරිත නිෂ්පාදනය කරනවා. මාධ්‍ය හරහා විකුණන ඒ චරිත ජනතා නියෝජිතයො විදිහට ඇඳගෙන පාර්ලිමේන්තුවට එනවා.
ජනතා නියෝජිතයා වෙනුවට මාධ්‍ය නියොජිතයා ආදේශ වෙනවා. ඒ නියෝජිතියො කොම්පැනියෙ ලොක්කාගෙ උවමනාවන් වෙනුවෙන් කඬේ යනවා. සමහර දේශපාලන චරිත පවා මේ කොම්පැනිවලින් රෙන්ට් එකට ගන්නවා. මිනිස්සු පරණ පුරුද්දට රටේ ප්රවෘත්ති කියල අහන් ඉන්නෙ මාධ්‍ය වැඩසටහන්. ඒවායෙ පිටපත් රචකයො, අධ්යක්ෂවරු ඉන්නවා.
වඩා බරපතල කාරනේ වෙන්නෙ මේ මාධ්‍ය කොම්පැනි වලට ඇත්ත ජනතා බලයක් හිමි චරිතවලට පවා ත්‍රස්තවාදී ගැහිල්ලක් ගහන්න තරම් බලයක් තියෙන එකයි. මෙතනදි ජනතා බලය අභියෝගයට ලක්වෙන්නෙ ප්‍රතිවිරුද්ද ජනතා බලයකින් නෙමෙයි. පාදඩ සල්ලි බලයකින්. අසරණ වෙන ජනතා නියෝජිතයන්ට අන්තිමට ඉතුරු වෙන්නෙ මේ කොම්පැනි එක්ක ඞීල් එකකට යන්න විතරයි. එතනදි මේ මීඩියා විසින් කොල්ලකන්නෙ අපේ පොදු උවමනාවයි.
මේ බලය එන්නෙ අර කලින් කියපු විකෘතිය හරහා. ජනතා නියෝජනය, ජනතා කැමැත්ත මීඩියා හරහා බලහත්කාරයෙන් තීරණය කිරීමෙන් රාජ්‍ය බලය තමන්ට රිසි සේ හසුරුවා ගැනීම. අද පාර්ලිමේන්තුව කියන්නෙම ජනතා නියෝජනයේ විකෘතියක්. ජවිපෙ නිතර කියන නියෝජිතයන් විසින් පක්ෂ මාරු කිරීමට වඩා සංකීර්ණයි ඒ විකෘතිය. ඒක ජනමතය කොල්ලකෑමක්.
ක්‍රමය මොකක් වුණත් තමන් වෙනුවෙන් සජීවී මැදිහත් වීමක් කරන මට්ටමකට සක්‍රීය වෙන්න ඕන ජනතාවයි. ඒක මාධ්‍ය වලට පවරා දිය හැකි හෝ පවරාගත හැකි කාරියක් නෙමෙයි. ඉතාම පුංචි අයිතියට පවා සමාජයේ හ`ඩක් නැගෙන්න ඕන. බට්ටි වගේ අය වෙනුවෙන් කරපු විකල්ප සමාජ මැදිහත් වීම් වැදගත් වෙන්නෙ ඒකයි. ප්රජාතන්ත්රවාදය කියන එක දැනුවත් සංවාදයක්, ක්රියාකාරීත්වයක් ඇතුලෙ සිද්ද වෙන දෙයක් මිස කොලේක කෙටුම්පත් කළාට උඩින් වැටෙන දෙයක් නෙමෙයි. තමන්ට අවශ්‍ය විලාසිතාවක තමන්ට අවශ්‍ය සයිස් එක නැතිකම පවා තමන්ව නොතකා හැරීමක් විදිහට ප්‍රශ්න කිරීමේ ක්ෂුද්‍ර අවකාශයන් දක්වා ජනතාව සංවේදී වෙන්න ඕන. ආණ්ඩුවකට පුළුවන් ඒ අවකාශය පුළුල් කරන්න විතරයි. මහින්ද කළේ ඒක පුළුවන් තරම් අකුලන්න උත්සාහ කරපු එක. පාදඩ අවිඥාණක පුද්ගලිකත්වයක් ඇතුලෙ මිනිස්සුන්ගෙ ජීවිත හිස් කරන එළඹුමක් ඒක.
ඒක හින්ද වඩා වැදගත් විධායක ක්‍රමය අහෝසි කරන එක නෙමෙයි. මේ පවතින ක්‍රමය අහෝසි කරන එකයි. දූෂණය වංචාව වගේ දේවල් කොහොමත් අපේ වගේ රටක දේශපාලන සංස්කෘතිය. ඒවායෙ කරන්න පුුළුවන් සාපේක්ෂ වෙනස්කම් විතරයි. වඩා වැදගත් වෙන්නෙ අපේ සමාජ- සංස්කෘතික අවකාශය කොයිතරම් පුළුල් කරනවද කියන එකයි. අපිව නැවත දිශානත කරන්නෙ අතීතයටද අනාගතයටද කියන කාරනෙයි.
මං පොදු අපේක්ෂකයා පිළිබඳ ව්‍යාපාරයට කැමති ඒකයි. ඒක නැවත බලාපොරොත්තුවක්. ඒක නිර්නාමික විප්ලවයක්. පොදු අපේක්ෂකයා කවුද, එයා දිනයිද, මහින්ද පරදියිද කියන එක නෙමෙයි වැදගත්. හිතන්න පුළුවන්, ප්‍රශ්න කරන්න පුළුවන්, විරුද්ද වෙන්න පුළුවන් සුළු පිරිසක් හරි තාමත් ඉන්නවා කියන එකයි වැඩිය වැදගත්.
අපිට සව්දිය පුරන්න ඒ වෙනස ඇති.
-චින්තන ධර්මදාස
No comments:
Post a Comment