Tuesday, January 13, 2015

Mahinda Deshapriya speaks about Genaral Election

ඉදිරි මැතිවරණ පැවැත්වීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳවද අවධාරණය කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරඅැත.
එමගින් මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ ඡන්ද විමසීම් කාලසීිමාව තුළ රාජ්‍ය දේපල අයුතු පරිහරණය වැළැක්වීම සඳහා පියවර ගත යුතු බවය. එවැනි කටයුතු පිලිබඳ පැමිණිලි පශ්චාත් ඡන්ද විමසීම් කාලසීමාව තුළ සිදු කිරිමේ යෝජනාවන්ටද අවධානය යොමු කරන ලෙස කොමසාරිස්වරයා ඉල්ලීමක් කරයි.
මැතිවරණ සමයන්හීදි අයථා මාධ්‍ය භාවිතය වැළැක්වීම සඳහා විශේෂිත මාධ්‍ය කොමිසමක් පත් කිරීමටද මහින්ද දේශප‍්‍රිය මහතා යෝජනා ඉදිරිපත් කර අැත.
රජයේ මාධ්‍ය ආයතන ආණ්ඩු පක්ෂයේ ආයතන ලෙස නොව රාජ්‍ය ආයතන ලෙස පමණක් ක‍්‍රියාත්මක විය යුතු බවට එමගින් යෝජනා ඉදිරිපත් වී ඇත.
ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ප‍්‍රධානීන් දේශපාලන ක‍්‍රියාකාරකම් වල යෙදීමද සීමා විය යුතු බව මැතිවරණ කොමසාරිස්වරයාගේ නිවේදනයේ සඳහන්ය. මෙම යෝජනාවන් පිළිබඳ නීති රීති සංශෝධනය පුළුල් සංවාදයකින් පමණක් සිදුකරන ලෙස මහින්ද දේශප‍්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment