Monday, May 17, 2010

බදු තවත් ඉහළට

බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ යෝජනා මගින් රජයේ බදු ආදායම සැලකිය යුතු මට්‌ටමින් ඉහළ නැංවීමට යෝග්‍ය ක්‍රියාමාර්ග යෝජනා කෙරෙනු ඇත.

දැනට පවතින බදු ක්‍රමය අධ්‍යයනය කිරීමට සහ බදු ආදායම් සැලකිය යුතු මට්‌ටමකින් ඉහළ නැංවීමට යෝග්‍ය ක්‍රියාමාර්ග යෝජනා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම ජනාධිපති බදු කොමිසම පත්කරනු ලැබීය.

ඒ අනුව නවක බදු ගෙවන්නන් එක් කරගැනීම සදහා ඉදිරි මාස 3 තුළ විශේෂ වැඩ පිළිවළක්
ක්‍රියාත්මක කිරීමට නියමිතය. දැනුවත් කිරීම් මගින් නවක බදු ගෙවන්නන් හදුනා ගැනීමට කටයුතු කරය.

පසුගිය වසරේ (2009) රජයේ බදු ආදායම රුපියල් කෝටි 77910 ක්‌ දක්‌වා ඉහළ නංවා ගැනීමට රජය මුලින් අපේක්‌ෂා කළ ද සංශෝධිත ඇස්‌තමේන්තු අනුව බදු ආදායම රුපියල් කෝටි 65780 ක්‌ දක්‌වා රුපියල් කෝටි 12130 කින් පහත වැටිණි.

1 comment:

  1. meka sahathika aththa.. dan vahanayak gaththath idamak/geyak gaththath ubalage passen tax karayo elawai..
    puduma aanduwak!
    rajapaksha rata kai

    ReplyDelete