Monday, May 17, 2010

Wedding of Piumi Shanika Botheju

පුංචි තිරය නරඹන ඔබට පියුමි ශානිකා ආගන්තුක චරිතයක් නොවේ. යොවුන් නිළි පරපුරේ ආකර්ෂණීය තාරකාවක වන පියුමි, පබා ටෙලි සිත්තමේ හිමාලිගේ චරිතය තුළින් අසීමිත ජනාදරයක් හිමි කර ගත්තාය.

කෙටි කලකින් කලා ලොවේ ජයග්‍රාහී කඩඉම් රැසක් සනිටුහන් කළ ඈ සිය පෞද්ගලික දිවි මඟෙහි ද සුවිශේෂ අවස්ථාවකට පසුගිය දා පිය එසවූවාය.

යෞවනයේ සොඳුරු සිහින පැතුම් සැබෑ කරමින් පසුගිය දා ඈ යුග දිවියට එළඹුණේ කලා ලොවේ සහෘද හිතවතුන්ගේ සුබ පැතුම් මැදිනි. ඇයගේ අත ගත් සහකරුවා වූයේ ජපානයේ පරිගණක වැඩසටහන් ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන චමල් මාන්නගේයි.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ඉතා චාම් අයුරින් පැවැත් වූ පියුමිගේ විවාහ මංගලෝත්සවය අපේ ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ කැමරා කාචයේ සටහන් වූ අයුරුයි මේ.

No comments:

Post a Comment