Monday, May 25, 2009

යාවජීවම්පි චෙ බාලො


මහා මංගල සූත්රයේ ආශ්රය කළ යුත්තන් පිළිබඳව සඳහන් වෙයි. "අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා" බාලයා යන නමින් හැඳින්වෙන්නේ ධර්මය නොදකින්නා .

තුන් දොරම අවැඩට යොමු කර ඇති තැනැත්තා පාපී ක්රියාවල යෙදෙමින් අපාය ගාමී මාවත විවර කරගන්නා බාලයා වේ.

ඔහු ඇසුරු නොකරන්නැයි බුදුහිමියෝ දේශනා කළහ.

ශරීරය වැඩී ගියද ගුණධර්මය හා නුවණින් පොහොසත් නොමැත්තා බාලයා වෙයි.

 

යාවජීවම්පි චෙ බාලො
පණ්ඩිතං පයිරු පාසති
නසෝ ධම්මං විජානාතී
දබ්බී සුපරසං යථා

මෙම ගාථාවේ අර්ථය වන්නේ "බාලයා දිවි ඇති තෙක් පණ්ඩිතයකු ඇසුරු කළත්, ධර්මය මනාව දැන නොගනියි. කුමක් මෙන්ද, "හැන්ද මාළු පිණිවල රස නොහඳුනන්නාක් මෙනි"

හිමිකම් :රත්නපුර මුද්දුව සිරි සුමන මහ පිරිවෙනේ ආචාර්ය, ශාස්ත්රවේදී,
වේරහැර ධම්මරතන හිමි


No comments:

Post a Comment