Saturday, September 19, 2009

කොළඹ කොටස් හුවමාරුව කොටස් මිලදි ගන්නේ මෙහෙමයි

කොටස්‌ වෙළෙඳ පොළේ ලැයිස්‌තුගත සමාගම්වල සුරැකුම් පත් ගනුදෙනු සඳහා විවෘත සහ පාරදෘෂ්‍ය වෙළෙඳපොළක්‌ සපයන ස්‌ථානයක්‌ ලෙස කොටස්‌ හුවමාරුව හඳුන්වාදිය හැකිය. කොටස් වෙලදපොලේ ගණු‍දෙණු කිරිමට නම් ඹබට යම් අවබොධයක් තිබිය යුතුයි.බොහොවිට මෙයට සම්බන්ධ වන්නේ නාගරික ආයෝජකයන්ය.ඵයට ‍හේතුව ග්‍රාමීය ප්‍රදේශවල ආයෝජකයන් ‍මේ පිලිබද අඩු දැනුවත් බව හා කොටස් වෙලදපොලේ ගණු‍දෙණු වලදි අතරමැදිව කටයුතු කරන තැරැව්කාර සමාගම් නගර ආශ්‍රිතව පිහිටිමයි. එම නිසා කොළඔට කිරි ගමට කැකිරි වේ.

වැදගත් වන්නේ යම් ආයෝජකයෙකු සමාගම් කොටස්‌වල ආයෝජනය කරන්නේ කෙසේද යන්නයි. ආයෝජකයකුට ප්‍රාථමික වෙළෙඳ පොළින් කොටස්‌ මිලදී ගැනීමට හැකියාවක්‌ තිබෙන අතර ඒ සඳහා සමාගමක්‌ නව කොටස්‌ නිකුතුවක්‌ කරනතුරු බලා සිටීමට සිදුවේ. නමුත් ද්විතියික වෙළෙඳ පොළින් කොටස්‌ මිලදී ගැනීමට එවැනි අවශ්‍යතාවක්‌ නොමැත. මෙහිදී ද්විතියික කොටස්‌ වෙළෙඳ පොළ ලෙස හඳුන්වන්නේ ප්‍රාථමික කොටස්‌ වෙළෙඳ පොළින් ලබාගන්නා කොටස්‌ තැවතත් එකිනෙක ආයෝජකයන් අතර හුවමාරු කරගන්නා වෙළෙඳ පොළයි.කොටස් මිලදි ගැනිමට ඔබට එතරම් ලොකු මුදලක් අවශ්‍ය නැත.ඔබ අවු:18ට වැඩි නම් ඔබටත් දායක විය හැක.ප්‍රධාන වශයෙන් ප්‍රාථමික කොටස් වෙලදපොල හා ද්විතික කොටස් වෙලදපොල පවති.

තැරැව්‍කාර සමාගම්‍

ඹබට සහායට තැරැව්‍කාර සමාගම්‍ CDS ගිණුමක් ඇරම ඇතුළුව කොටස් මිලට ගැනිම හා විකිණිම පිළිබද සියලු කටයුතු වනුයේ කොටස් තැරැවිකාර සමාගමක් මගින් පමණි. මෙම ද්විතියික වෙළෙඳ පොළ කටයුතු විධිමත්ව සිදුවන කොළඹ කොටස්‌ වෙළෙඳපොළට යම් ආයෝජකයෙකුට සම්බන්ධ වීමට අවශ්‍ය නම් සිදු කළ යුතු මූලිකම පියවර වන්නේ මධ්‍යම තැන්පතු ගිණුමක්‌ විවෘත කිරීමයි. මෙම ගිණුම විවෘත කිරීමට නම්, ආයෝජකයකු අනිවාර්යයෙන්ම කොටස්‌ තැරුව්කාර සමාගමක්‌ හා සම්බන්ධ විය යුතු වෙයි.

මෙසේ මධ්‍යම තැන්පතු ගිණුමක්‌ විවෘත කිරීමට ආයෝජකයාට කිසිඳු මුදලක්‌ අවශ්‍ය නොවන අතර මෙය තැරැව්කාර සමාගම විසින් නොමිලේ සපයන සේවාවකි. මෙම ගිණුමක්‌ විවෘත කිරීමට ආයෝජකයෙකුට අවශ්‍ය වන්නේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත් දෙකක්‌ සහ විදුලි බිල්පතක්‌ හෝ මාසික බැංකු වාර්තාවක්‌ වැනි සිය ස්‌ථිර ලිපිනය සනාථ කිරීමේ ලියවිල්ලක්‌ පමණි.

වෑඩි විස්තර ඕන නම්..
link: Colombo Stock Market- Blog

link: කොටස් වෙළදපොල - Wikipedia

No comments:

Post a Comment