Friday, March 14, 2014

උදය ගම්මන්පිල

කොළඹ දිස්ත‍්‍රික් සන්ධාන කණ්ඩායමේ නායක
උදය ගම්මන්පිල මහතා
ඕස්ටේ‍්‍රලියානු පුරවැසියෙකු බවත්
ආණ්ඩුව පෙරළුණු ගමන් ඔහු
එරටට පැන යනු ඇතැ බවත් ...
පාර්ලිමේන්තු මන්ත‍්‍රී
විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අතුරුගිරිය ප‍්‍රදේශයේ පැවති
මැතිවරණ ප‍්‍රචාරක හමුවක් අමතමින්
ඒ මහතා එසේ පැවසුවේය.එහිදී ඒ මහතා මෙසේද පැවසීය.
‘පළාත් සභා ඡන්දයට ශ‍්‍රී ලංකා කාරයෙක් නෑ හොයාගන්න.
ඒ නිසා හෙළ උරුමයේ ගම්මන්පිල මහත්තයාව ගත්තා
කණ්ඩායම් නායකකමට.
පසුගිය කාලේ මේ ආසන වලට ඇවිත්
ජනතාවට නොයෙකුත් පොරොන්දු දුන්නා.
මේක ධර්මද්වීපයක් කරනවා කිව්වා.
අපිත් බලන් හිටියා
නමයක් පාර්ලිමේන්තුවට ගිය නිසා
මේක ධර්මද්වීපයක් වෙයි කියා.
ඒ ධර්මද්වීපයක් කරන්නම් කියා ගිය කණ්ඩායම
මන්ත‍්‍රී තනතුරට මුලින්ම කාර් පෝමිට් නවයක් අරගත්තා.
ඒ නවය ලක්ෂ 450කට විකුණුවා.
ඊට පසුව ගත්තා බෞද්ධයා නාළිකාව දමන්න
රූපවාහිනී බලපත‍්‍රය.
ඒක රුපියල් ලක්ෂ 1250කට නගිල් විජේසූරියට විකුණුවා.
ඕකයි ගහපු ධර්ම රාජ්‍යය.
මේ කඩුවෙල ප‍්‍රදේශයේ තියනවා
හරියට වැසිකිළියක්වත් නොමැති පන්සල්.
ඒවාට එක රුපියල් දහයක්වත් දීලා නෑ.
දැන් දේශ පේ‍්‍රමියෙක් වෙන්න
රුපියල් සියය ගණනේ එකතු කරනවා.
කෝ අර හම්බකරපු මුදල්.
මොහු ඕස්ටේ‍්‍රලියා පුරවැසියෙක්.
ආණ්ඩුව පෙරළුණු ගමන් ඊට පහුවදා ඔහු ඕස්ටේ‍්‍රලියාවේ.
බෞද්ධ රාජ්‍ය පිළිබද
පුරසාරම් දොඩවන චම්පික රණවක
පසුගිය 2011 සැප්තැම්බර් 09 දින
කැසිනෝ පනතට පක්ෂව අත් උස්සා
ඡන්දය ලබාදුන්නා. එදිනම මහ වැස්සක් කඩා හැලී පාර්ලිමේන්තුව ජලයෙන් යටවුණා’
(Harald)

No comments:

Post a Comment