Sunday, March 9, 2014

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජන හමු සඳහා බාධා

 March 7th , 2014: ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තංගල්ලේ දී පැවැත්වීමට සූදානම් කර තිබූ ජන හමුව සඳහා කලින් වෙන්කර ගත් ස්ථානය ලබා නොදුන් බව එම පක්ෂය පවසයි.

එම පක්ෂය සඳහන් කළේ, එවැනි බාධා කිරීම් සිදුකළ 7වන අවස්ථාව මෙය බව ය. මේ නිසා පිරිස එම පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම් නායකයාගේ නිවසේ රැස්වීමක් පවත්වා තිබේ....

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා,

"රැස්වීමට අද අවසර නොලැබුනත් අපිට පැවසුවේ ස්ථානය හම්බවුනා පොලිසියෙන් අවසර දෙන්න බෑ කිව්වා ත්‍රීවිල් සංගමේ රැස්වීමක් තියන හින්දා ත්‍රීවිල් පාර්ක් එකේ.දෙගොල්ල අතර ගැටුමක් ඇතිවෙයි කියලා.මම එනකොට අපි දැක්ක ත්‍රීවිල් නවත්වලා තිබ්බා ටවුන් එකේ.තැන තැන.ඒ ත්‍රීවිල්වල හිටපු ඔක්කොම අපිට අතවනලා සමහරු ජයවේවා කියලාත් කෑ ගැහුවා. අපි කියන්නේ ජනතාවට අයිතියක් තියෙන්න ඕනේ ජනතාව පාලනය කරන්න ජනතාව වහල්ලුවගේ සලකන්න දේශපාලඥයින්ට අයිතියක් නැහැ. දේශපාලඥයින් එහෙම බලාපොරොත්තු වෙනවා නම් ‍ඒ දේශපාලඥයෝන්ට පිස්සු.ඒ දේශපාලඥයෝ නෙවෙයි. එවැනි අයගේ තර්ජන නිසා ජනතා අයිතිවාසිකම් නැතිවෙන්න අපි මේ රටේ කීයටවත් ඉඩ තියන්නේ නැහැ".

බලපිටිය, පූගොඩ, ගැටමාන්න, හුංගම, කටුවන, වීරකැටිය යන ස්ථානවලදී ද මෙවැනි බාධා කිරීම් සිදුවූ බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පවසයි.

සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසන්නේ මෙවැනි සිද්ධීන්වලින් මැතිවරණ පැවැත්වීමේ මූලික අභිලාෂයන් උල්ලංඝනය වන බව ය.

Video link: http://www.youtube.com/watch?v=Ova-CidWnVE

Source: Newsfirst.lk
As at March 7th , 2014

No comments:

Post a Comment