Wednesday, March 19, 2014

ජිනීවා කොමිසමෙන් අපේ රණවිරුවන්ට හානියක් වන්න ඉඩ තියන්නේ නෑ


Sarath Fonseka 
"ජිනීවා කොමිසමෙන් අපේ රණවිරුවන්ට හානියක් වන්න ඉඩ තියන්නේ නෑ" - ජෙනරාල් සරත් ෆොන්සේකා

නීතිපති දෙපාර්තමේන්තුව පඹයෙක් බවට පත්කරගෙන,මැතිවරණ කොමසාරිස්,පිදුරු වලින් තැනූ පඹයෙක් බවට පත් වී ඇතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු එසේ සඳහන් කලේ කොළඹ මහාධිකරණයේ ඔහුට එරෙහිව ඇති නඩුවක් අවසානයේ එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමිනි....

‘අද මේ රටේ ප‍්‍රජාතනන්ත‍්‍රවාදය විනාශ වෙලා. ඒකාධිපති පාලනයක් තියෙන්නේ. ජනාධිපතිවරණයකට මා ඉදිරිපත් වූ නිසා දිගින් දිගටම,මට විවිධ චෝදනා එල්ල කරමින් උසාවිවල රස්තියාදු කරවනවා. 17වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා මේ රටේ පාලකයෝ මැරෙනතුරු බලයේ රැදී ඉන්න හදන්නේ. අධිකරණයේ ස්වාධීනත්වයක් නෑ'.

'මානුෂීය අයිතිවාසිකම් නෑ, ජිනීවා කොමිසමට. මේ දේවල් සදහා වගකිව යුතු පාලකයන්ට තනියම මුහුණ දෙන්න වෙනවා. ඕනෑම රටක ඒකාධිපති පාලකයෙක් ඉන්නවානම් ඒ රටේ ජනතාව ඒකාධිපතිත්වයෙන් ගලවාගන්න ලෝකය කි‍්‍රයා කරනවා. ජිනීවා කොමිසමෙන් අපේ රණවිරුවන්ට හානියක් වන්න ඉඩ තියන්නේ නෑ’.

Video link: https://www.youtube.com/watch?v=n8U9RZuLwuM

No comments:

Post a Comment