Monday, March 3, 2014

දොම්පෙ ආසනයේ මාර්ග කාපට් කර සංවර්ධනයට

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක මාර්ග කාපට් කිරීමේ වැඩසටහන යටතේ දොම්පේ ආසනයේ මාර්ග කිහිපයක් කාපට් කිරීමේ වැඩ කටයුතු ආරම්භ කිරීම පසුගියදා (25) ලිය අබිමන් සංවිධානයේ සභාපතිනී නීතීඥ පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය. දොම්පෙ ආසනයට අයත් රදාවාන කීර්තිරත්න මාවත, දියහොඩැල්ල පිංගමුව මාර්ගය, කලෝටුවාව මාර්ගය සහ පාලුගම මැදවරණීය යන මාර්ගයන් කාපට් කිරීමේ කටයුතු ආරම්භ කිරීම මෙහිදී සිදුවිය. මෙම මාර්ග සංවර්ධනය කිරීම මගින් දොම්පේ ආසනයේ ගම්මාන විශාල ප්‍රමාණයක ජනතාවට සෙත සැලසේ.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රන් අරුණ වැඩසටහනේ තුන්වන අදියර යටතේ සිදුකරන මෙම මාර්ග සංවර්ධන වැඩසටහන මුළු ගම්පහ දිස්ත්‍රික්කය පුරාම ක්‍රියාත්මක කෙරේ. මෙම අවස්ථාවන්ට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී උපාලි ගුණරත්න මහතා, දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති මිලාන් ජයතිලක මහතා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

No comments:

Post a Comment