Sunday, March 30, 2014

Provincial Election 2014 පළාත් සභා මැතිවරණය results

බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 249678 ගෙන මුල් තැනට පත් වීමට හිටපු ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහත් සමත් විය. මනාප ඡන්ද 106661ක් ගනිමින් නිමල් ලන්සා මහතා දෙවැනි තැනද, 59892ක් ගත් සහන් ප්‍රදීප මහතා තුන් වැනි තැන ද හිමි කර ගත්තේය.
සමන්මලී සකලසූරිය - 53447
සිසිර ජයකොඩි - 43331
සුනිල් විජේරත්න - 42488
කෝකිලා හර්ෂනී -40291
මෙරිල් පෙරේරා - 40180
එක්සත් ජනතා නිදහස් සන්ධානයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 23ක් හිමිව ඇත.

එක්සත් ජාතික පක්ෂය
හර්ෂණ රාජකරුණා 51018
කවින්ද හේෂාන් 41654
එඩ්වඩ් ගුණසේකර 29944
ජොර්ජ් පෙරේරා 29703

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආසන 10ක් ගම්පහ දිස්ත්‍රික්කයට හිමිය.

මාතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නිළියන් දෙදෙනාම පරාජය වන ලකුණු දක්නට ඇත.
සන්ධානයෙන් තරග කළ අනර්කලී ආකර්ෂා ඡන්ද 8842 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 18 වැනි ස්ථානයේ සිටින බවත් ,එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නදීෂා හේමමාලී ඡන්ද 11006 ක් ලබාගෙන මනාප ලයිස්තුවේ 9 වැනි ස්ථානයේ සිටින බව තහවුරු නොවු ආරංචි කියයි.
මාතරින් සන්ධානයට මන්ත්‍රීහු 10 දෙනෙක් ද හා එජාපයෙන් 4 දෙනෙක් ද තෝරා ගැනෙති.
අද සවස ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගිය අනර්කලී ආකර්ෂ නැවත හැගී යන්නට ගියේය.











කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල
එක්සත් ජනතා නිදහස් සන්ධානය
සෙනල් වෙල්ගම - 115385
රෝහණ අබේගුණවර්ධන - 51339
යසපාල කෝරලගේ - 42395
එක්සත් ජාතික පක්ෂය
ජගත් විතාන - 29920
අයි ජෙමිල් - 24576
පී ඩී අබේරත්න - 20797
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
රවීන්ද්‍ර යසස් - 12885
අරුණ දීපාල් - 12569
ජනතා විමුක්ති පෙරමුණ

නලින්ද ජයතිස්ස - 11949


දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපල අනුව හිටපු මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා මනාප 95860ක් ලබාගෙන ඉදිරියෙන් සිටී. සන්ධානයේ දෙවැනි තැන යූ ඩී ජී ආරියතිලක (48289)ත්, තෙවැනි තැන එස් අතුකෝරල (42532)ත් හිමිව ඇත.
මැතිවරණය සමයේ වැඩි කතාබහකට ලක්වූ ගීතා කුමාරසිංහ මනාප 26932ක් බලාගෙන අට වැනි තැන පසුවන්නීය.
එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට ගිය ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) මනාප 23643ක් ලබාගෙන 10 වැනි ස්ථානයට පත්ව ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ සන්ධාන පළාත් මන්ත්‍රී සංඛ්‍යාව 13කි.

No comments:

Post a Comment